Wednesday, December 23, 2015

සුළඟටත් තියනවා හදවතක්......!


මහා සුළි සුළඟක්ව
රූස්ස ගස් පවා
මුලින් උදුරලා දැම්මට...

නිසල ගන්  දියක වුව
අනෝරා වැහි මවා
චණ්ඩ දිය රැළි  මැව්වට....

සුළඟටත් තියනවා හදවතක්
අපිට වාගෙම
හැම තත්පරේකම ගැහෙන...

නොපිපීම මිලින වන
පින්න මල් දෙස බලා
සිතින් නිහඬව වැළපෙන..

දැවෙන වැලි කතරකට
සිහින් හිරිපොද මවා
නොකියාම නික්මගොස් සැඟවෙන...

කඳු නිම්න අන්තයක
සප්ත පැහැ රූ මවා
ඉඳුසැවුට අත වනා නික්මෙන....

ළපටි හදවත් අසල
සුසුදු හසරැල් මවා
සරුන්ගල් ඈතකට ඇද යන

සුළඟටත් තියනවා හදවතක්
අපිට වාගෙම
හැම තත්පරේකම ගැහෙන.......

10 comments:

  1. මේ පද හැම ඒකක් ම දිහා බැලුවා..... මේකට මාතෘකාව පද අතරින් ම තේරුවා නං මාත් තෝරන්නේ මේකමයි..... සුන්දරයි.........

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න

      Delete
    2. ස්තූතියි ඔයාට.. ඔයාගෙ අදහස් ගොඩක් වටිනව මට :)

      Delete
  2. ලස්සනයි. තනිවෙලා ඉන්න වෙලාවට ගොඩක් ලස්සන අදහස් පහල වෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න

      Delete
    2. ඇත්ත. ඒක අපි හැමෝටම පොදු දෙයක් නේද..?ස්තූතියි ඔයාට..

      Delete
  3. ලස්සනයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි......... අායෙත් ඒන්න

      Delete
    2. ඔන්න මම ආයෙත් එකම රිප්ලයි එක දෙන්නෙ නැ හොදද.. ස්තූතියි ඔයට ඒ වැරැද්ද පෙන්නල දුන්නට.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete