Sunday, November 8, 2015

සිනා බෝ දුරයි...


වතාවක් ඇවිත් නික්මුන
සිනාවක් වසත් සමයක
මතුවෙලා යළිත් නෙත් අස
කතාවක් කියයි...

මදනළක් රහස් අරගෙන
පුබුදුවා හොරෙන් සිත් මල
දැවටිලා යළිත් සියොලඟ
රටාවක් ගොතයි...

ලොවක් දී කඳුළු ඉතිරුණ
හිතක් දී බිඳී විසිරුණ
වෙන්වෙලා නුඹත් දුර ගිය
අතීතය දුකයි...

ඕන නෑ යළිත් මදහස
නික්ම යන නිසා දවසක
ඉකිලනා නෙතඟ කඳුලට
සිනා බෝ දුරයි...

3 comments:

  1. දුකක් දීලා වෙන්වෙලා ගිය තරුවක් ආයෙමත් සිත් අහසේ පායන්න ඉඩ ඉල්ලනවා වගේ.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

රිදී තරු වියන යට ✨️

  " අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...