Thursday, November 26, 2015

වැස්සකට පුලුවන්

වැස්සකට පුලුවන්
මුළු ගතම වැහි දියෙන් නහවන්න
ඒත් බැරිවෙයි..
නුඹටමෙන් හදවතම දෝවන්න...

මදනළට පුළුවන්
සීතලට ගත වටා දැවටෙන්න
ඒත් බැරිවෙයි..
නුඹට මෙන් දැවෙන හද සනහන්න...

තරු වලට පුළුවන්
සඳ නොමැති අමාවක ලඟ ඉන්න
ඒත් බැරිවෙයි...
නුඹට මෙන් මගෙ තනිය දුරලන්න...

නෙළුමකට පුලුවන්
කලල් දිය විල් දියක් කරවන්න
ඒත් බැරිවෙයි
නුඹට මෙන් හද විලේ පූදින්න...

සුසුමකට පුළුවන්
නිරතුරුව ගත වටා දැවටෙන්න
ඒත් බැරිවෙයි..
නුඹට මෙන් නොකියාම දුර යන්න...

4 comments:

  1. හරිම ලස්සනයි.................. හැබැයි දුක තමා නේද??? විරහාව..... ඒක අතකින් විරහවක් නැති නං මේ ලෝකෙමට මෙච්චර ලස්සන නිර්මාණ ඒකතු වෙන්නෙත් නැහැනේ.... ඒ නිසා කමක් නැහැ ඔන්න ඔහේ...... නේද????

    ReplyDelete
  2. කවියකට පුලුවන්...
    සිත පෙලෙන තනිකමින් මුදවන්න
    ඒත් බැරිවෙයි..
    නුඹට මෙන් රිදුනු සිත සනහන්න

    - මට කවි ලියන්න එතරම් හැකියාවක් නෑ
    ඔයාගේ උත්සාහයට මෙහෙම සහයෝගයක්හරි දෙන්න හිතුනා ....

    ReplyDelete