Friday, September 2, 2016
දේදුණු.....
ලහිරු කිරණට මැදිව
වැටෙන වැස්සට හසුව
ඈත කදු නිම්නයක
සෙමෙන් මතු වෙන්නේය
ලපටි අත් ඔසවාන
අහස දෙස බලාගෙන
හඩ නගන ළමා සිත්
තුටින් පුරවන්නේය
විරසකව වෙන් වෙන්ව
දෙපසකට නෙත් යොමන
තුරුණු නෙත් යුග යලිත්
එකට එක් කරනේය
නෙත් සොරොව් කදුළු මැද
මුව නැගෙන සුසුම් අස
ඇසිපියක ඇසිල්ලෙන්
යලි බොදව යන්නේය...
-විශ්-
Subscribe to:
Post Comments (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...
//"නෙත් සොරොව් කදුළු මැද"// නියම සංකේත යොදාගන්නේ
ReplyDeleteවාං දමනවා යන්නෙහි අදහස කුමක්ද??
Deleteස්තුතියි ඉවාන්....
Deleteචැක්.. පොඩි අන්දොස් කිරීමකටත් එක්ක හෙඩිම වෙනස් උනා නං අගෙයි..
ReplyDeleteස්තූතියි :-)
DeleteJayawewa. ..
ReplyDeleteස්තූතියි
Deleteබොඳවෙලා යන කඳුළු අභියස
ReplyDeleteඇසිපියන් අගිස්සක කෙළවරක
නැවතිලා තිබු එකදු පැතුමක්
පුංචි හුස්ම ඉල්ලනව ඇහුණා.
Lasssanayi akke...oyage kawiya
Deleteඅපූරුයි !!!
ReplyDeleteThank you soo much
Delete