Thursday, September 10, 2015
නොවැම්බර් මාසයට ආදරෙයි මම තවම............
අවාරේ වැහි වැටෙන
නිමක් නැති මල් හැලෙන
නොගිලිහෙන අත් දෙකක්
ආදරෙන් එක් කෙරුව
නොවැම්බර් මාසයට
ආදරෙයි මම තවම...
අරලියා අතු පතර
කුරුළු ගී රැව් දුන්න
වැහි දියට තෙමී ගිය
විලෝ පත් ඇදහැලුන
රැය පුරා නිදි නැතුව
නෙත් පුරා මඟ බැලුව
ඔබ මගෙද ඔබ මගෙද
නොදැන සිත ලත වෙච්ච
සුසුදු පත් ඉරු අතර
කුරුටු ගී ලියවෙච්ච
හදවතේ පන්හිඳට
ඉසිඹුවක් නොලැබිච්ච
මහමෙරක් පරදින්ට
ආදරේ ඉතිරිච්ච
නුඹේ එක් වදනකින්
හදවතම නැවතිච්ච
නොවැම්බර් මාසයට
ආදරෙයි මම තවම
Subscribe to:
Posts (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...
