Wednesday, March 16, 2016
පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ
ගුරු පාරෙ මග දිගට රොබරෝසි වැටෙන්නෑ
කේතකී පඳුරු පෙර මුණු මුණුව නගන්නෑ
සුසුම්ලන හිත ගාව සිනා මල් පිපෙන්නෑ
නුඹ නැතුව ජීවිතේ විදින්නට හිතෙන්නෑ
ඉකිබිදින හිත ගාව හිනැහෙන්න ඉඩක් නෑ
සුදු අම්මි මගෙ මැණික අමතන්න කෙනෙක් නෑ
හීන පොදි තිබුණාට මගෙ ලෝකෙ රජෙක් නෑ
පෙර මෙන්ම ආදරේ පුදන්නට කෙනෙක් නෑ
දෙනයනින් ගිලිහෙනා කදුළු වල නිමක් නෑ
හදවතට ලං වෙලා දුක අහන කෙනෙක් නෑ
නෙත් පුරා මග බලන මුත් තවත් වැඩක් නෑ
පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ
Subscribe to:
Posts (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...
