දේදුණු.....
ලහිරු කිරණට මැදිව
වැටෙන වැස්සට හසුව
ඈත කදු නිම්නයක
සෙමෙන් මතු වෙන්නේය
ලපටි අත් ඔසවාන
අහස දෙස බලාගෙන
හඩ නගන ළමා සිත්
තුටින් පුරවන්නේය
විරසකව වෙන් වෙන්ව
දෙපසකට නෙත් යොමන
තුරුණු නෙත් යුග යලිත්
එකට එක් කරනේය
නෙත් සොරොව් කදුළු මැද
මුව නැගෙන සුසුම් අස
ඇසිපියක ඇසිල්ලෙන්
යලි බොදව යන්නේය...
-විශ්-
//"නෙත් සොරොව් කදුළු මැද"// නියම සංකේත යොදාගන්නේ
ReplyDeleteවාං දමනවා යන්නෙහි අදහස කුමක්ද??
Deleteස්තුතියි ඉවාන්....
Deleteචැක්.. පොඩි අන්දොස් කිරීමකටත් එක්ක හෙඩිම වෙනස් උනා නං අගෙයි..
ReplyDeleteස්තූතියි :-)
DeleteJayawewa. ..
ReplyDeleteස්තූතියි
Deleteබොඳවෙලා යන කඳුළු අභියස
ReplyDeleteඇසිපියන් අගිස්සක කෙළවරක
නැවතිලා තිබු එකදු පැතුමක්
පුංචි හුස්ම ඉල්ලනව ඇහුණා.
Lasssanayi akke...oyage kawiya
Deleteඅපූරුයි !!!
ReplyDeleteThank you soo much
Delete