Monday, December 21, 2015
ආදරේ ඇති....
රිද්දන්න හිතාගෙන තුරු හිස
ඇහැළ මල් වලින් ගැහුවට
දැනෙන්නෑ ඒ කිසිත් පොළොවට....
නුඹේ අකීකරු හිත ලඟ
ඉතිරෙන මගේ පෙම වාගෙම
පොළොවත් ආදරේ ඇති
බිම වැටෙනම හැම මලටම
අවසාන මොහොතෙදිත්
සුවඳ දී ලගින් හිටියට.......
මහා හඬ නන්වමින් රළ ගොස
දහස් වර වෙරළ මත හැපුනට
සයුරු තෙර නිසසලයි සදහට.....
නුඹ පුදන කදුළු මල් අබියස
නොසැලෙන මගේ පෙම වාගෙම
වෙරළත ආදරේ ඇති
රිදුම් දෙන හැම වතුර බිදුවටම
කිසිදිනක වෙන් නොවී
හැමදාම එක ලෙසින් හිටියට.....
අවසාන දිය බිදත් උරාගෙන
දවා අළු කර දැම්මත් සහසකර
දුකක් නෑ නිරුදක කතරකට
තෙතක් නැති නුඹේ හිත අබියස
දලුලන මගේ පෙම වාගෙම
කතරත් ආදරේ ඇති
දැවෙන හිරු මඩලට
හිත පුරා ඉතිරෙන සෙනෙහස
පතොක් කුසුමක් ලෙසින් පිදුවට............
Subscribe to:
Post Comments (Atom)
ඉතා අනගියි
ReplyDeleteජයවේ තාරකා!
ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න
Deleteලස්සනයි තරු
ReplyDeleteගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න
Deleteහරිම ලස්සනයි...........
ReplyDeleteගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න
Deleteලස්සනයි අන්ධකාර තාරකාව :)
ReplyDeleteගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න
Deleteමනරම් අතා....
ReplyDeleteජ ය වේ වා !!!!
ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න
Deleteහිත පුරා ඉතිරෙන සෙනෙහස
ReplyDeleteපතොක් කුසුමක් ලෙසින් පිදුවට............//
ඔක්කමත් හරි මේ ටිකත් හරි ලෙසටම දැනුන කවිය
අපූරුයි අතා (ඉස්සුවෙ රවියයියගෙන්)
ජයවේවා
ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න
Deleteපට්ට....ජය වේවා....
ReplyDeleteගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න
ReplyDeleteමම මෙහෙට ඇවිත් අන්ධකාර අහසෙ ලස්සනට කවි ලියන තරුවක් දැක්ක.සතුටුයි දිගටම ලියන්න :)
ReplyDeleteගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න
Delete