කෙල්ලෙක්ට පුලුවනිය මහමෙරක් ඉවසන්න
මුරණ්ඩුම හිතක් ලග
ආදරෙන් නවතින්න
ඇහුම්කන් නොදුන්නත්
ලගට වී කොදුරන්න
ආදරෙයි නොකිව්වත්
උරහිසේ පැටලෙන්න
කෙල්ලෙක්ට පුලුවනිය
හීන එලි කරවන්න
රණ්ඩුවක් වූ විටෙක
තනියෙන්ම විදගන්න
වෙන්වෙන්න ඇවැසි නම්
නිහඩවම සමුදෙන්න
හේතුවක් නොඅසාම
ඉගිලෙන්න ඉඩදෙන්න
කෙල්ලෙක්ට පුලුවනිය
මහමෙරක් ඉවසන්න..
ඒක්වරම හිතක දුක කඳුලකට හරවන්න
ReplyDeleteකඳුලකම තවරලා දුක තුනී කරගන්න
මහමෙරම හිස දරා මුලු ලොවක් සනසන්න
ඇත්තටම පුලුවන්ද මේ තරම් ඉවසන්න......
තවත් ලස්සන කවි දෙකක්නෙ මේ.
ජයවේවා!!!
ස්තූතියි ඔයාට 😊😊😊
Deleteඈ...හ්... සිරාවටම..
ReplyDeleteමං නං හිතන්නෑ ඔය කිව්වට...
හෆුයි..
;-) ;-) ;-)
අපූරුයි කවිය.. ජය
හී හී.... ස්තූතියි 😊
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි 😍
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහිනාවක එතී එන පුංචි එක රැල්ලකින්
ReplyDeleteපිනායන වචනයක අන්තිමම අකුරකින්
බලා ඉන්නා ඇසක පොඩි පොඩි එළියකින්
කෙල්ලෙක්ට පුලුවන්ය ලෝකයක් ගොඩගන්න..
ස්තූතියි අක්කේ
Deleteකටහඬ ටිකක් ගොරෝසු වුනාට,කොල්ලෝ කියලා වෙනසක් නැහැ අප්පා. උනුත් ඔය වගේම තමයි.
ReplyDeleteහී හී... ස්තූතියි ඔයාටත්
Delete//හේතුවක් නොඅසාම
ReplyDeleteඉගිලෙන්න ඉඩදෙන්න//
එහෙම අය ඉන්නවද කියල හිතන්නත් අමාරුයි හැබැයි ..
අද තමයි මේ පැත්තට ආවේ...
ඉන්නව ඉන්නව... ස්තූතියි .ආයෙත් එන්න .
Deleteඉන්නව ඉන්නව... ස්තූතියි .ආයෙත් එන්න .
Delete