පරිගණක තිරය මත
තාරුකා විසිරිච්ච
ට්‍රයිඩැක්ස් මල් සමඟ
තවත් මල් පීදිච්ච
මුහුණු පොත් පිටු පුරා
ආදරේ ඉතිරිච්ච
නුඹේ කවි හිත ගාව
පාළුවක් නොදැනිච්ච
හිරු ඇවිත් යන තුරුම
නිනව්වක් නැතිවෙච්ච
අපේ ලොව අපි දෙදෙන
විතරක්ම තනිවෙච්ච
ඔන්ලයින් ප්‍රේමයක
අපේ හිත් පැටලිච්ච
දිනපොතකි මුහුණු පොත
මකරන්ද ඉහිරිච්ච
කවි ලකර කඳුළු වී
දෙනෙත් අග දැවටිච්ච
මරණීය සීතලක
උණුහුමෙන් මියැදච්ච
විදුලියක වේගයෙන්
හදවතම නැවතිච්ච
කවියකින් මුණගැහී
කවියෙනම වෙන්වෙච්ච
ඉකි ගගහ අඩ අඩා
මගේ හිත වැලපිච්ච
කවි හිතක් විතරක්ම
දී ඔයා නික්මෙච්ච
කවුරුවත් නැති ලොවක
සිතින් මා තනිවෙච්ච
දින පොතකි මුහුණු පොත
පිටු කැඩී විසිරෙච්ච......
Subscribe to:
Post Comments (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්‍ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...

අරුත් බර තාල පද නිතිපතා පීදිච්ච
ReplyDeleteහැගුම්වැල් කිසිවිටත් හදවතට නොදැනිච්ච
මුහුනු පොතෙ හමුවුවත් හැබෑවට වෙන්වෙච්ච
නුඹෙන් වෙන්වූ මමත් මේ ලොවේ තනිවෙච්ච...
අපූරුයි.
ජයවේවා!!!
ස්තූතියි දුමින්ද, ඔයාගේ කවියත් හරිම ලස්සනයි :)
Delete