ගං ඉවුර ලඟ පිපුණ සුදු පාට පුන්චි මල
පෙති එකින් එක පුදති ගලා යන ගං දියට
ඒත් ඒ ගැන කිසිඳු නිනව්වක් නැති ලෙසට
ගංඟාව ගලායයි අදත් පෙර වාගේම
කේතකී පඳුරු දෙන ඉඟි රහස් නොතකාම
පුංචි මල සොයන්නේ ගං දියේ මදහාස
මල් නෙතේ රැදි කැල්ම නොම දුටුව විලසින්ම
ගංඟාව ගලා යයි අදත් පෙර වාගේම
ඒත් ගං දිය සුළිය රිදුරු වූ ඇසිල්ලක
මලක මළඟම නිමව අනෙක් මල් දරදඬුව
ආයෙමත් උදෑසන කිසිත් නොවුනා විලස
ගලනු ඇත ගංඟාව හෙටත් මේ වාගේම.....
ලස්සනයි... සුන්දරයි..... අගෙයි
ReplyDeleteස්තූතියි කුරුටු
Deleteමොනවද මම කියන්නේ මේකට..
ReplyDeleteඅනේ මන්දා
Deleteගොඩාරියක් ලස්සනයි .....
ReplyDeletethanks මෙතූ
Deleteකවිය මිහිරියි...
ReplyDeleteපුංචි මල පුදති කිව්වම ව්‍යාකරණ වැරැද්දක් එනවා නේද..))
ඔව්..... ඒක පුදයි කියල නිවැරදි වෙන්න ඕනෙ. ස්තූතියි
Deleteගලන ගඟට මල්පෙත්තක හැඩ බලන්න ඉස්පාසුවක් නෑ කවදාවත්ම....
ReplyDeleteනියමයි....
කේතකී කියන වචනේ තේරුම මොකද්ද?
කේතකී පඳුරු කියන්නෙ උණ පදුරු වලට.. ස්තූතියි
Deleteජ ය වේ වා !!!
ReplyDeleteලසස්සනයි ඈ...
ස්තූතියි ඈ...
ReplyDeleteහරිම ලස්සනයි…
ReplyDeletePS - සුළු නිවැරදිකීරිම් කීපයක්..ගංගාව, රුදුරු සහ මලගම විය යුතුයි.