රේල් පාරක පීලි අතරක
කඳුලු පමණක් ඉතිරිකර දී
ප්‍රේමයක් මියැදෙමින් තිබුනා
දොසක් නොතියා නිහඬ අහසට
රුධිරයෙන් මහපොළොව තෙත් කර
රලු යකඩ රෝදයක සිරවී
හදවතක් ගැහි ගැහී තිබුනා
ජීවිතෙන් හරි අඩක් කැප කල
ප්‍රේමයක පසුවදන පිළිබද
ලියූ කවියක් අතින් ගිලිහී
තැනින් තැන විසිරිලා තිබුනා
දුරස් නොවුනත් එකතු වන්ට
නොහැකි දුම් රිය මාවතක් ලෙස
හිදින්නට ගිවිසූ මුවින් උණු
සුසුම් රැලි සැඟවෙමින්තිබුනා...
හිරුත් ඇහැරුන දවල් දවසක
රේල් පාරක පීලි අතරක
කඳුලු පමණක් ඉතිරි කර දී
ප්‍රේමයක් මියැදෙමින් තිබුනා
අගෙයි ...
ReplyDeleteජ ය වේ වා !!!
අනේ වෙන මොකක් හරි කියහංකෝ...........
Deleteස්තූතියි විදානේ...
Deleteලස්සන පද රචනාවක්. 'දවල් දවසක' කියන එකට වෙන වචන දාන්න.
ReplyDeleteස්තූතියි අන්කල් ඉයන්...
Delete"නොහැකි දුම් රිය මාවතක් ලෙස" මෙතනට නොහැකි දුම්රිය පීලි දෙක ලෙස කියන එක කොහොමද?
ReplyDeleteමම ප්‍රේමය, ආදරය ගැන කතා කරන්නේ නෑ. ඒ මාතෘකාව පැත්තකින් තිබ්බොත්, මේ වැඩේ කටුකම අත්දැකීම විඳින්නේ දුම්රිය රියදුරු මහත්වරුන්. දශක දෙකකට ආසන්න දුම්රිය මගී ජීවිතයේදී, මමත් මේ වගේ සිද්ධි දෙක තුනක් දැකල තියනවා. දුම්රිය මගීන් නම් මේ වගේ කපල් එකක්/ කෙල්ලෙක්/ කොල්ලෙක් කෝච්චියට පැනලා නොමැරී බේරිලා ඉන්නවා අහු උනොත් නම් ආය ඉතුරු කරන එකක් නෑ. අපි දන්නවා ඕකෙන් කෝච්චි කොච්චර් පරක්කු වෙනවද, ඒ අත්දැකීම කොච්චර අප්‍රසන්න, කටුක එකක්ද කියලා. මැරෙන්න ඕනේ නම් වෙන ක්‍රමයක් හොයාගන්නේ නැතුව ඇයි කොහෙවත් යන මිනිස්සුන්ට කරදර කරන්නේ.. මේකද ආදරය..?
ඔයාගෙ කතාවත් ඇත්ත අඟහරුවා..... ස්තූතියි... :)
Deleteඅගෙයි...
ReplyDeleteස්තූතියි ශානු
Deleteප්‍රේමය මියැදෙන්නේ මෝඩ තීරණ නිසයි.
ReplyDeleteඒ කතාව නම් ඇත්ත දිනේශ් අයියා... ආදරේදි අපි හැමෝම බොලදයි
Deleteසුන්දරයි................
ReplyDeleteස්තූතියි කුරුටු
Deleteලස්සන නිර්මාණයක්...
ReplyDeleteස්තූතියි සින්හ
Deleteඉතාම අපූරුයි!!!
ReplyDeleteස්තූතියි රවි
Deleteලස්සනයි.
ReplyDeleteස්තූතියි දිනිති අක්කෙ
Delete