ආයෙ කවදාවත් අපිට ඉස්සර වගේ සුදු ගවුම් ඇදල බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියල ඉස්කෝලෙට දුවගෙන යන්න වෙන්නෙ නෑ. මැඩම් එන්න කලින් යාලුවන්ගෙ පොත් ඉල්ලගෙන හැටට හැටේ ගෙදර වැඩ ලියාගෙන යන්න වෙන්නෙ නෑ. අන්තිම පේළියට වෙලා චිට් පාස් කරන්න වෙන්නෙ නෑ. super star, ගීතයෙන් ගීතය, clip ගැසීම වගේ අපිම හදාගත්තු සෙල්ලම් කරලා ඇස් වලින් කඳුළු එනකම් හිනාවෙන්න වෙන්නෙ නෑ. chemistry practicle දවසට අපිට ඕන ඕන chemicals mix කරල පුපුරන පරීකශා නළ හන්ගන්න වෙන්නෙ නෑ. සාක්කු සතේට හිඳෙනකම් canteen එකට ගිහින් ice cream කන්න වෙන්නෙ නෑ. පිරිමි ළමයි එක්ක hand fight කරල දවස් ගාණක් යනකම් අත් වල vin cream ගාන වෙන්නෙ නෑ. ජීවිතේ කවදාවත් කරල නැති පිස්සු වැඩ කරන්න වෙන්නෙ නෑ. ඒත් ඒ මතකයන් නොසැලෙන පවුරු වගේ අපෙ හදවත් වල හැමදාටම සටහන් වෙලා තියෙයි.
කවදහරි දවසක ඒ මතකයන් වල සජීවී සුවඳ විදින්න අන්තිමට ඉතුරු වෙන්නෙ හැමදාම ලඟින් ඉන්නව කියල ලියන සමරු පොත් වල සටහන් විතරයි. දැනටමත් හැමදාම ලඟින් ඉන්නව කියපු කීදෙනෙක් text කරන්නෙවත් නැති තරමට දුරස් වෙලාද? හැම බැදීමක්ම එහෙමයි. සදාකාලික බැදීම් ලෝකෙ කොහෙවත් නෑ කියල මන් කවදහරි කොහෙදි හරි කියෙව්ව වගේ මතකයි.මට මතක් වුණේ අන්තර්ජාලයෙන්ම කියවපු කරුණාදාස සූරිය ආරච්චි මහත්මයා ලියපු කවියක්.
වෙනස් වන කාලයට
බොහෝ දේ කල හැකිය
සදා සපථ වූවන්
ලිහා වෙන් කල හැකිය....
කාලයත් හරි පුදුමයි. අද අපේ ජීවිතේ අපි ලඟින් ඉන්න කෙනෙක් හෙට ආයෙ කවදාවත් මුණනොගැසෙන තරමට දුරස් වෙලා යනව. අපිත් එක්ක කවදාවත් ජීවිතෙ බෙදාගනියි කියල හීනෙකින්වත් හිතන්නෙ නැති කෙනෙක් හෙට අපිත් එක්ක අත්වැල් බැදගන්නව. ඒ බැදීම්, වෙන්වීම් වලින් තම ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්නෙ.ඉතින් කාලයට ඉඩ දීල බලාගෙන ඉන්නව හැර අපිට වෙන කරන්න දෙයක් නෑ.
කාලය කෙතරම් නපුරුද කියන පැනය හමුවේ නිරුත්තරයි අපි.
ReplyDeletehmm eka aththa :)
Deleteකාලයත් හරි පුදුමයි
ReplyDelete--ඇත්තම ඇත්ත...----
ස්තූතියි ඔයාට
Deleteකාලයට නුග ගසක බෙනයක් උනත් හාරන්න පුළුවංලු..
ReplyDeleteජ ය වේ වා !!!
ස්තූතියි ඔයාට
Deleteඔබේ කතාව කියවනකොට අපේ පරණ මතකයන් අලුත් වෙනවා. මම මේ පැත්තට ආව මුල් වතාවද කොහෙද?
ReplyDeleteස්තූතියි ඔයාට, ආයෙත් එන්න
Deleteකාලය එක්ක සෙල්ලම් බෑ කියන්නේ නිකන්ද ඉතින්.
ReplyDeleteස්තූතියි ඔයාට
Deleteකාලයට පුලුවන් මිතුරන් ගතින් දුරස් කරන්න..එත් හිත්වල බැඳිම නැතිවෙන්නෙ නෑ නෙද...?
ReplyDeleteස්තූතියි ඔයාට :)
Deleteකාලය මැව් වෙනසක අරුමේ...
ReplyDeleteස්තූතියි ඔයාට
Deleteපියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්....
ReplyDeleteපෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද......
ශිල්ප උගත්තෙමු ණැනලැබ ගත්තෙමු......
දෙපාවාරු නැත ඔබ හැර යන්නට.....
නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි.......
කෝල හැගුම් කෙළි කවට සිනාවයි.....
මල් නැටුමයි කළ ගෙඩි නැටුමයි......
මගේ දෑස තුල යළිත් ඇදේවිද.......
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්.....
පෙම් බස් දෙඩුවෙම් උයන් කොණෙක හිද.....
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු......
දෙපා වාරු නැත ඔබ හැර යන්නට......
නෙත කදුළින් හසකැනින් මුවා කල.....
සොදුරු පැතුම් පුරවා මන මත් කල....
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි.....
මා හැදු පාසල් මවුනි දයාදර.....
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්......
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද........
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු.......
දෙපා වාරු නැත ඔබ හැර යන්නට..
ගායනය : සෝමතිලක ජයමහ සමඟ නීලා වික්‍රමසිංහ
:)
Deleteඅපිත් ආවා.. දිගටම ලියමු...
ReplyDeleteආදරෙන් පිළිගන්නවා... ආයෙත් එන්න... :)
Deleteමේක අන්දකාර තාරකාවක් නෙවෙයි හොදට දිලිසෙනවා, දිගටම ලියන්ඩෝ.
ReplyDeleteබොහොම ස්තූතියි ඔයාට :)
Delete