වැස්සකට පුලුවන්
මුළු ගතම වැහි දියෙන් නහවන්න
ඒත් බැරිවෙයි..
නුඹටමෙන් හදවතම දෝවන්න...
මදනළට පුළුවන්
සීතලට ගත වටා දැවටෙන්න
ඒත් බැරිවෙයි..
නුඹට මෙන් දැවෙන හද සනහන්න...
තරු වලට පුළුවන්
සඳ නොමැති අමාවක ලඟ ඉන්න
ඒත් බැරිවෙයි...
නුඹට මෙන් මගෙ තනිය දුරලන්න...
නෙළුමකට පුලුවන්
කලල් දිය විල් දියක් කරවන්න
ඒත් බැරිවෙයි
නුඹට මෙන් හද විලේ පූදින්න...
සුසුමකට පුළුවන්
නිරතුරුව ගත වටා දැවටෙන්න
ඒත් බැරිවෙයි..
නුඹට මෙන් නොකියාම දුර යන්න...
Subscribe to:
Post Comments (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...

හරිම ලස්සනයි.................. හැබැයි දුක තමා නේද??? විරහාව..... ඒක අතකින් විරහවක් නැති නං මේ ලෝකෙමට මෙච්චර ලස්සන නිර්මාණ ඒකතු වෙන්නෙත් නැහැනේ.... ඒ නිසා කමක් නැහැ ඔන්න ඔහේ...... නේද????
ReplyDeleteow neda.. ;) godaak thanx oyata :)
Deleteකවියකට පුලුවන්...
ReplyDeleteසිත පෙලෙන තනිකමින් මුදවන්න
ඒත් බැරිවෙයි..
නුඹට මෙන් රිදුනු සිත සනහන්න
- මට කවි ලියන්න එතරම් හැකියාවක් නෑ
ඔයාගේ උත්සාහයට මෙහෙම සහයෝගයක්හරි දෙන්න හිතුනා ....
Woooow. ?.. lassanai. Thanx oyata :)
Delete