දයාබර මඳනළේ
හැකිතරම් දුර යන්න
සිහිල් සුලඟක් මවා
විඩා සිත් සනහන්න
නළල් තල මත නැගෙන
ඩා බිඳක් පිසලන්න
කඳුළකට ඉඩ නොදී
සුසුමක්ව ලඟ ඉන්න
පාළු නිරුදක කතක
පැතුම් ඉටු කරලන්න
අනෝරා වැසි මවා
පතොක් මල් පුබුදන්න
මුව අගින් නික්මෙනා
ඉකිබිඳුම් නවතන්න
සිනාවක් වී ඇවිත්
දෙතොල් අග පූදින්න
මේකුළක් රැගෙනවිත්
හිරු තාප අවුරන්න
පිච්ච මලකින් හමන
සුවඳ ලොව පතුරන්න
හුදෙකලා හදවතක්
තනිකමෙන් මුදවන්න
පෙර දිනක මුදු මතක
ඉතිරි කර නික්මෙන්න
දයාබර මදනළේ
හැකිතරම් දුර යන්න
සිහිල් සුළඟක් වෙලා
විඩා සිත් සනහන්න...
Subscribe to:
Post Comments (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...

No comments:
Post a Comment