තුහින වැස්සක් වගේ පෙති කඩා හැලෙනවද
සීරුවට විදගමින් නොපිපි කුසුමක සුවඳ
මම නැතිව නුඹ තනිව අදත් එහි ඉන්නවද?
ඉකිබිඳින විලෝ පත් තාම ඇදහැලෙනවද
හමායන මදනලට හොරෙන් ඉඟි පානවද
පිපෙන්නට වැර දරන පිච්ච කැකුළක් රැගෙන
යළිත් මම එනතුරා තවත් මඟ බලනවද?
කවිකාර කුරුල්ලෝ තාම ගී කියනවද
වැහි දියට තෙමීගෙන සෙවණකට ඇදෙනවද
පෙරදාක අපි දෙදෙන ඒ සෙවණ යට තනිව
උන්නු හැටි මුදු සරින් උන් හෙමින් ගයනවද?
වැහි වැටෙන වෙලාවට තාම කවි ලියනවද
පෙරදාක මුදු මතක ඉතින් සිත දවනවද
සිහිනයකි අතීතය කිසිදිනක එළි නොවෙන
යැයි සිතා නුඹත් හිත හදාගෙන ඉන්නවද?
ගලා යන කඳුළකින් තාම නෙත් තෙමෙනවද
ඉදහිටක දින පොතක මන් ගැනත් තියනවද
ඒ මතක විද දරා මොහොතකට හිත තුළම
ආයෙමත් හුස්ම පිඹ ඈතකට යවනවද?
lassanama lassanaii
ReplyDeletethanx sineka
DeleteThis comment has been removed by the author.
DeleteNice..vish
ReplyDeletethanks dr
Deleteලස්සන කවි පෙළක්
ReplyDeletethanks :)
Deleteප්‍රශ්න ගොඩක්!!
ReplyDeletehmmm:)
Deleteමැරේන්නට පෙර වරක් ඇවිත් යනවද ලබැදියේ..
ReplyDeleteඇහැළ මල් මට කුමට නුඹ නොමැති කොදෙව්වේ
තුහින වැස්සක් වගේ කදුළු වැහි වැටෙන විට....
නික්ම ගිය මුල් දිනෙම ඇහැළ ගහ කැපුවේ මම...
මගේ දුකට විලෝපත් හුමිටි තබමින් නිබද
මගේ අවට දැවටෙමින් පිරිමදි හිස නිතර...
නුඹේ සිනා වැටි ඇත තාම මේ මග දෙපස...
විහගුනුත් ගොළු උනා නුඹ නො එන බව දැනි...
මම තනිව කවි ලියා එය උන්ට ගයනිමි...
නුඹේ නමට මම එව්ව කවි දුසිම් ලැබුනාද...
හදාගන්නට හිතක් නොමැත මට, එයත් නුඹ ලග නිසා
බදාගන්නට හැකිය මරණයත් නුඹ නිසා....
විහග කැල පවසාවි මැරුනොතින් නුඹ නැතිව
සොදුරු මේ නිම්නයේ පතුලේ මම හැමදාම.............
ගොඩක් ස්තූතියි මේ පැත්තෙත් ආවට. ඔයාගෙ කවියත් හරිම ලස්සනයි :)
ReplyDeleteවිහග කැල පවසාවි මැරුනොතින් නුඹ නැතිව
සොදුරු මේ නිම්නයේ පතුලේ මම හැමදාම.............